ගම්පහට මහ ගංවතුර තත්වයක්


(තිලකරත්න දිසානායක)

පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (23) උදෑසන වනවිට අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි.

අද උදෑසන 5 ට ලබාගත් දත්ත අනුව අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5 දශම 5 ක් වශයෙන් සදහන්ව තිබූ බව වාරිමාර්ග ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත මහතා සදහන් කළ අතර පවතින තත්ත්වය මත පහත්බිම් අවට වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව පැවසීය.