ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් මරුට


(තිලකරත්න දිසානායක)

ගම්පහ උඩුගම්පල බටපොත ප්‍රදේශයදී මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මරණකරුගේ උදර ප්‍රදේශයට වෙඩි පහර කිහිපයක් වැදී ඇති අතර රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.