ගම්පහ 1385ක් වැස්සෙන් අවතැන්


(තිලකරත්න දිසානායක.)

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නවයක දෙදිනක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පවුල් 1385 කට අයත් සාමාජිකයින් 6119 දෙනකු අද සවස 5 වනවිට පීඩාවට පත්ව සිටි බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා පවසයි.

අධික සූළං තත්ත්වය , පස් කදු කඩා වැටීම සහ ජල ගැලීමෙන් අත්තනගල්ල ,දොම්පෙ , මීරිගම, කැලණිය, බියගම , වත්තල , මහර, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන කොට්ඨාසයන්හි පිරිස් මෙලෙස පීඩාවට පත්ව සිටින බව පැවසූ අධ්‍යක්ෂවරයා, අවතැන්ව සිටින පිරිස් මුදවා ගැනීම පිනිස ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය පියවර ගන්නා බවද කියයි.

පවතින තත්ත්වය මත නිවාස 85 ක් සහ ව්‍යාපාරික ස්ථාන 58 ක් අර්ධ වශයෙන් හානියට පත්ව මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ආපදා සහන නිලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.