( +++ රංජන් කස්තුරි)
අය - වැය ලේඛනයක් සම්මත වනතෙක් මහා පරිමාණ ව්‍යාපෘති අලුතෙන් ආරම්භ නොකරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එහෙත් දැනට පවත්වාගෙන යන මහා පරිමාණ ව්‍යාපෘති හා රජයේ අනෙකුත් ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කෙරෙන බව ද ලේකම්වරයා කීය
මීට අමතරව නව රජය ආරම්භකර තිබෙන ‘සපිරි ගමක්’ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් කෝටි දෙක බැගින් මුදල් ලබා දී තිබෙන බව ද ආටිගල මහතා පැවසීය
අය - වැය ලේඛනය සම්මත වූ පසුව අලුත් මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කළ හැකි බව ද ඔහු කීය.

