(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලම්පිටිය සේදවත්තේ ෙ ගබඩාවක් බිඳ රුපියල් ලක්ෂ 29ක දේපොළ සොරා ගැනීමත් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
එම සැකකරුවන් සන්තකයේ විවිධ ධාරිතාවයෙන් යුතු විදුලි බල්බ 840 පොලිසිය මඟින් සොයාගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ලද පැමිණිල්ලක් අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මතට ඇබ්බැහි වූවන් බව පොලිසිය පවසයි..
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

