ගං වතුරෙන් කැඩුණු බෝක්කුවට තිදරුපියා බිලි


 (හිරාන් ප්‍රියංකර ජයසිංහ)

උඩප්පුව ප්‍රදේශයෙ තිදරු පියකු රැකියාව අවසන්ව මහ වැස්සේ නිවසට ගමන් කරමින් සිටියදී ගංවතුරට කැඩි ගිය බෝක්කුවකින් වැටි ජලයෙ ගසා ගෙන ගොස් මරණයට පත්ව ඇති බව උඩප්පුව පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ උඩප්පුව ප්‍රදේශයෙ පදිංචි චන්ද්‍රසේකර අධිකාරි කෝරාලලාගේ චන්ද්‍රසේකර නැමති 53 හැවිරිදි  තිදරු පියකු බව කියයි.

රැකියාවට ගොස් ආපසු මහ වැස්සේ නිවසට ගමන් කරමින් සිටියදී ගමන් ගත් මාර්ගයෙ ගලා ආ දැවැන්ත ජල කදට බෝක්කුවක් කැඩි ගොස් එම ස්ථානයෙ විශාල වලක් සැදි තිබුනද ජලය පිරි තිබිමත් සමග එය නොපෙනිම හේතුවෙන් තිදරු පියා බෝක්කුවෙන් පහලට ඇද වැටි ජලයෙ ගසා ගෙන ගොස් මරණයට පත්වි ඇති  බව පොලිස් පරික්ෂණ වලින් තහවුරු වී තිබේ.