කෝප් හා කෝපා කමිටු රැස්වීම්ද අත්හිටුවයි


(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් අවදානම හේතුවෙන් ලබන සතියේ රැස්වීමට නියමිතව තිබූ කෝප් හා කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු රැස්වීම්ද අත්හිටවූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි .

පාර්ලිමේන්තු කමිටු රැස්වීම්වලට පිටස්තරින් නිලධාරීන් කැදවෙන හෙයින් එමගින් කොරෝනා පැතිරීමේ අවදානමක් මතුවිය හැකි නිසා මෙම තීරණය ගත් බවද වේත්‍රධාරිවරයා කීය.

මයික්‍රෆෝන පාවිච්චියේදී කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙන බව පාර්ලිමේන්තුව නිලධාරීහු පවසති.

කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ද දිගටම වසා දමන බවඑම නිලධාරීහු සඳහන් කරති.