
(බන්දුල ඉලේපෙරුම)
පාර්ලිමේන්තුව අද(20) පෙරවරු 10ට රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තු සතියේ දින 4ම පැවැත්වීමට නියමිතව තිබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා යන කමිටු පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත නොපැවැත්වීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසයි.
ඒ අනුව කෝප් හා කෝපා කමිටු රැස්වන දින ඉදිරියේදී තීරණය වනු ඇත. මේ අතර පාර්ලිමේන්තුවට අද පැමිණෙන මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් මුඛ ආවරණ පැළඳ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල්වන ආකාරය දක්නට ලැබේ. මීට පෙර මෙවැනි තත්ත්වයක් දැකිය නොහැකිවූ අතර බොහෝ මන්ත්‍රීවරු මීට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මුඛ ආවරණ භාවිත නොකළහ.
මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරමින් කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තුව කල්දැමිය යුතු බව හෝ ආසන පැනවීමේදී මීටරයක දුරක් තැබිය යුතු බවයි. නමුත් එසේ ආසන පැනවීමේ හැකියාවක් මේ වනවිට සභාගැබේ නොමැති අතර පෙර පරිදි ආසන පනවා ඇත.

