කෝටි හතරක කුෂ් ගුවන්තොටෙන් අල්ලයි


(ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටි හතරක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක්  ගමන් මලු තුළ සගවා ගෙන මෙරටට පැමිණ , ඒවා කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිම කර ගෙන ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනකු  කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් තිදෙනා අතර 34 හැවිරිදි කොළඹ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශ වල පදිංච් රියැදුරුවරුන් ලෙස සේවය කරන පුද්ගලයන් වේ .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාර්සල් 04 ක් ලෙස සකස් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 022 ක ප්‍රමාණයක් සඟවා ගෙන තිබිය දී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .