(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි හතරකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයක් තුළ සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වත්තලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය කිලෝ හතරක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක මන්නාරම,චාවකට්ටු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් විශේෂ කාර්යය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සංවිධාන අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සි ආර් පාරමුල්ලගේ මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.