කෝටි පහේ ඇඟිලි සලකුණු යන්ත්‍රයේ ඇඟිල්ල ගහන්නේ දෙන්නයි


(බී. ජී. චතුරංග)

රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් වැය කර ඇඟිලි සලකුණු සටහන් කිරීම සඳහා උතුරු මැද පළාත් ආයුරුවේද දෙපාර්තමේන්තුව එම යන්ත්‍ර (finger mark) 9ක් මිලදී ගත්තද ඒවා ප්‍රායෝජනයට ගන්නේ සේවකයන් දෙදෙනකු බව වාර්තාවේ.

ඉකුත් දෙසැම්බර් මසදී මෙසේ මිලදී ගෙන ඇති මේ ඇඟිලි සලකුණු යන්ත්‍ර එකක මිල වී ඇත්තේ රුපියල් පනස් නව දහසකි.

මුර මාරුවක් නොවන රාජකාරී අතර කළමනාකරණ, සංවර්ධන, කාර්යාල කාර්ය සහායක ,ලේඛන භාරකරු ආදී තනතුරු කිහිපයක් සඳහා පමණක් මේ යන්ත්‍ර භාවිතයට ගන්නා ලෙසත් ඒ අනුව අතිකාල සකස් කර ගන්නා ලෙසටත් 2025.05.31 දිනැති ලිපිය මගින් උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තනතුරේ රාජකාරී ඉටු කරන ප්‍රියානි මල්කාන්ති ගොඩගේ මහත්මිය විසින් ආයුර්වේද රෝහල් වෙත ලිඛිතව දැනුම් දී ඇත.

එහෙත් මේ වනතුරුත් සේවකයින් (සංවර්ධන නිලධාරීන්) දෙදෙනෙක් පමණක් හැර අනෙකුත් සියලු සේවකයෝ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය ප්‍රතික්ෂේපකර කටයුතු කරමින් සිටිති.