
(ගයාන් සූරිය ආරච්චි)
රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 3 කට අධික ප්රමාණයක් සමග පුද්ගලයන් තිදෙනෙකු ගාල්ල සීනිගම ප්රදේශයේදී අද(8) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම හෙරොයින් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය ප්රධාන අණ දෙන නිලධාරී සමන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදු කර ඇත.

