කෝටි දෙකක බීඩිකොළ කරතිව් කළපුවෙන් අල්ලයි


( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව කරතිව් කළපු තිරයෙදි ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් බිඩි කොළ තොගයක් 2 දින අලුයම විජය නාවික හමුදා කදවුරු නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් බව කියයි.

අදාල බිඩි කොළ තොගයෙ පාර්සල් 65 ක අසුරා තිබු කිලෝ 1947 ක තොගය සමග වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයෙ පදිංචි 50 හැවිරිදි සැකකරුවෙකු සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදාව අත් අඩංගුවට ගෙන තිබුණි.

ඉන්දියාවේ සිට නීති විරෝධී අයුරින් මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කරතිව් ගොඩබිම ආසන්නයට රැගෙන ඒමට කටයුතු කරමින් තිබියදී මෙම බිඩි කොළ තොගය නාවික හමුදා භාරයට ගෙන තිබුණි.

මුහුදු මාර්ගයෙන් සිදුවන ජාවාරම් වැඩලිමේ නාවික හමුදා දිවයින වටා මුහුදු තිරය ආවරණය වන අයුරින්  නිරන්තර මුහුදු මුර සංචාර මෙහෙයුම් වලට සමගාමිව මෙම වැටලිම සිදුකර තිබුණි.

අත් අඩංගුවට ගත් බිඩි කොළ තොගය ශ්‍රී ලංකා රේගුවට භාර දීමට නියමිතව තිබු අතර සැකකරු කල්පිටිය පොලිසියට ඉදිරි පරික්ෂණ සදහා භාර දීමට නියමිතව තිබුනී.