කෝටි 7 ක හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට


(ප්‍රසාද් මුතුකුඩ)                           
 
මිගමුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින්  අද (22) අලුයම කෝටි හතක් වටිනා බව කියන  හෙරොයින් සහ ‘ඈශ්’ නමැති මත්ද්‍රව්‍ය  සමඟ සැකකරුවකු පෝරුතොට දී අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කිලෝ 8 යි ග්‍රෑම් 679 ක් සොයා ගනු ලැබිණි.

මේ වනවිට මේ පිළිබඳව විමර්ශන සිදුවෙමින් පවතින බවද පොලිසියේ ආරංචි මාර්ග පවසයි.