කෝටි 60ක ගජමුතු වලාන බාරයට


(සුජිත් හේවාජුලිගේ)

රුපියල් කෝටි 60ක් වටිනා ගජමුතු හයක් විදේශිකයකුට විකිණීමට උත්සාහ දැරූ අවිස්සාවේල්ලේ ව්‍යාපාරිකයෙක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු තොරතුරක් අනුවය.

උපාය දුතයෙකු යොදවා මෙම වැටලීම කර තිබිණි.

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන මර්දන බළකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.