කෝටි 50ක හෙරොයින් සමග දෙදෙනෙක් අතුරුගිරියෙන් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීම දොරටුව අසළදී සුඛෝපභෝගී ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 50කට අධික හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අද(07) මීට සුළු වේලවකට ඉහතදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
කඩුවෙල සිට පැමිණි මෙම ජීප් රථය අතුරුගිරියෙන් පිටවීමට යාමේදී පොලිස් නිලධාරීන්ට ඇති වූ සැකයක් මත නවතා පරීක්ෂා කිරීමේදී මෙම මත්කුඩු සොයාගෙන ඇත.