
(ගයාන් සූරියආරච්චි)
පාවෙන රත්‍රං නමින් හැදින්වෙන කෝටි 3 ක් පමණ වටිනා තල්මස් ඇම්බර් (තල්මස් වමනය) කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 500ක් නීති විරෝධි අයුරින් අලෙවි කිරීමට සුදානම්ව සිටි සැකකරුවෝ තිදෙනෙක් දෙවිනුවර සහ නාකුළුගමුව ප්‍රදේශයේදී මිරිස්ස අපරාධ කොට්ඨාසයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
සැකකරුවන් ගමන්ගත් ජීප් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

