කෝටි 10ක් වංචා කළ දෙන්නෙක් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 2024  "උරුමය"  වැඩසටහන යටතේ බව පවසා ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථීර ඔප්පු ලබාදෙන බව පොරොන්දු වී රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු සහ සැකකාරියක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

සැකකරු  මෙම මුදල් වංචා කර ඇති සිරිකොත මූලස්ථානයට  සහ කොළඹ ප්‍රසිද්ධ හෝටලයකට කැඳවා බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් 43 හැවිරිදි  සැකකාරිය බකමූණ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර කිරිබත්ගොඩ ප්‍රදේශයේ තාවකාලිකව ලැඟුම්හලක පදිංචිව සිට ඇති අතර සැකකරු 55 හැවිරිදි  මහරගම පදිංචිකරුවෙකි.

සැකකාරිය කල්මුණේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් 164 දෙනෙකුට උරුමය වැඩසටහන යටතේ ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබා දෙන බවට පවසා තමා නීතිඥවරියක් වශයෙන්ද ඔවුන් වෙත හඳුන්වමින් ව්‍යාපාරිකයන් රවටා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ හයක මුදලක් ලබාගෙන ඇති බවට සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.