
( සිතුම් චතුරංග)
කරවල ප්‍රවාහනය කරන මුවාවෙන් කැබ් රථයක සඟවා පුත්තලම කල්පිටියේ සිට වවුනියාව දක්වා රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුත් මත්පෙති තුන්ලක්ෂ පනස් නවදාහක් රැගෙනයමින් සිටි පුද්ගලයකු ඊයේ (19) වවුනියාව මුණ්ඩිමුරුප්පුව ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ දූෂණ මර්දන අංශය හා මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ලැබුණ තොරතුරක්මත සිදුකළ වැටලීමකදී සැකකරු සහ මත්පෙති රැගෙන ආ කැබ් රථය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
වවුනියාවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවෙත ලබාදීම සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් ඇති බවට අනාවරණයවූ බවත් පොලිසිය සඳහන් කළේය.
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම මත්පෙති ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුකරගෙන ගොස් ඇති අතර එක් මත් පෙත්තක් රුපියල් 300 මුදලකට අලෙවිකිරීමට සූදානම් කොට තිබූ බවත් පොලිසිය කීය.

