
(නිමල කොඩිතුවක්කු)
ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ජාතික හදවත් රෝහලක් ස්ථාපිත කිරීම ඇතුලු සෞඛ්‍ය අංශයේ නව ව්‍යාපෘති නමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ අනුව හෘද රෝග සඳහා අවශ්‍ය සියලුම නවීන සම්පත් ඇතුලුව මහල් 16කින් සමන්විතව අදියර දෙකක් යටතේ මෙම ජාතික හදවත් රෝහල ස්ථාපිත කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
හෘද රෝග සඳහා පවතින තදබදය අවම කිරීමේ අරමුණින් ජාතික හදවත් රෝහල ක්‍රියාත්මක කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18)පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පැවසීය.
රටේ සිදුවන මරණ වලින් සියයට 83 ක් බෝ නොවන රෝග වලින් සිදුවන බවත් ඉන් සියයට 40ක් පමණ හෘදය වස්තුව ආශ්‍රිත රෝග වලින් මරණයට පත්වන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
වසර තුනක් තුළ මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කරන බවත් ඒ සඳහා රුපියල් බිලියන 12ක් වැය කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා තවදුරටත් කීවේය.

