කොළඹ වැඩබිම්වල ඉන්දියානුවෝ 2750ක්


(සුජිත් හේවාජුලිගේ)

කොළඹ නගර සීමාවේ ඉදිකිරිම් වැඩබිම්වල ඉන්දියානුවන් 2750 දෙනෙකු සේවය කරන බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත .

කොළඹ නගර සීමාවේ එවැනි වැඩබිම් අනූ එකක් පවතින බවත් ඉන් හතළිස් දෙකක් මහා පරිමාණ ඒවා බවත් සෞඛ්‍ය අංශ පවසයි .

මේ අතර කොළඹ කොම්පඤ්ඤවීදියේ ඉදිකිරීම් වැඩ බිමකින් ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදිතවූ සේවකයෝ තිදෙනෙක් මෙයට දින කිහිපයකට පෙර දී සොයා ගනු ලැබූහ.