(නිමල කොඩිතුවක්කු)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය නවීකරණය කිරීමේ කටයුතු ජපාන සහ ඉන්දීය මැදිහත්වීම යටතේ ආරම්භ කෙරේ.
එම නවීකරණය කටයුතුවලින් පසුව එය දකුණු ආසියාවේ තිබෙන නවීනතම බහාලූම් අංගනයක් බවට පත්වේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය නවීකරණය කිරිමට අදාළ අවසන් සාකච්ඡාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියම මහතා අතර කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අති නවීන බහාලූම් අංගනයක් ලෙසට නවීකරණය කිරීමට අවශ්‍ය සියලූ කටයුතු කිරීමේ අවසන් තීරණය ඉහත සාකච්ඡාවේදී ගනු ලැබීය.

