කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙක් මත්කුඩු සමග දැලේ


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ  නියාමකවරයෙකු රුපියල් ලක්ෂ 13 කට  ආසන්න වටිනා හෙරොයින්  මත්කුඩු සමඟ බොරැල්ල සිරිසර උයන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර  පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු සන්තකේ මත්කුඩු ග්‍රෑම් 94  මිලිග්‍රෑම් 132 ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.