කොළඹ රාජකීයේ රග්බි කමිටුවේ හිටපු භාණ්ඩාගාරික ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණයක්


(නිමන්ති රණසිංහ)

කොළඹ රාජකීය විද්‍යාලීය රග්බි තරඟ සංවිධායක කමිටුව වෙනුවෙන් ලැබිය යුතු රුපියල් එක්කෝටි පනස් හය ලක්ෂයකට අධික මුදලක් එම කමිටුවේ හිටපු භාණ්ඩාගාරිකවරයා විසින් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (05) කරුණු වාර්තා කර ඇත.

ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 389, 400 සහ 1990 අංක 2 දරන ණය ආපසු අයකර ගැනීමේ විශේෂ (විධිවිධාන) පනතේ 25 (1) (අ) වගන්තිය ප‍්‍රකාරව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ මහතා අධිකරණය වෙත එලෙස කරුණු ඉදිරිපත් කර තිබිණි.