
(අංජුල මහික වීරරත්න)
අධිෂ්ඨානශීලි බව සහ අභියෝග බාර ගැනීමේ ශක්තිය රාජකීය ආදි සිසුවෙකු ලෙස මා ලැබූ පන්නරය යැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන තව වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුදෙනාට ආරාධනා කළේය.
දේශපාලන කටයුතු නවත්වා තමා සමඟ එක්වන ලෙස කිසිවකුට නොකියන නමුත් වැටී ඇති රට ගොඩගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එදිරිවාදිකම් අමතක කර සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ අද (22) පෙරවරුවේ පැවති උත්සවයට එක් වෙමිනි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් වෙත උපහාර පිළිගැන්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි. රාජකීය විද්‍යාලයේ විදුහල්පති ආර්.ඒ. රත්නායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත උපහාර තිළිණ පිළිගැන්වීය.


