
(මුදිතා දයානන්ද)
කොළඹ හිටපු නාගරික කොමසාරිස් නීතීඥ රෝෂනී දිසානායක මහත්මිය බලය අතික්‍රමණය කරමින් සභාවේ කටයුතුවලට බාධාකර සබාවට මූල්‍යමය පාඩුවක් සිදුකර ඇතැයිද එයින් සභාවේත්, නාගරික කොමසාරිස් ධුරයේත් කීර්ති නාමයට හානිකර ඇති බවද විශේෂ විමර්ශන කමිටු වාර්තාවකින් අනාවරණය කර තිබේ.
එම වාර්තාවේ සඳහන් වන පරිදි භූමි අලංකරන හා නඩත්තු ව්‍යාපෘතියක් අතරමග ඇණ හිටීමට හිටපු කොමසාරිස්වරිය මෙසේ බලය අතික්‍රමණය කරමින් සිදුකළ ක්‍රියා බලපා තිබේ.
කොළඹ මහ නගර සභාවේ සංව්ධන කටයුතුවලට බාධාකරන පරිපාලන අකාර්යක්ෂතාවයන් පිළිබඳව සොයා බැලීමට මෙම විශේෂ විමර්ශන කමිටුව පත් කර ඇත.
එහි වාර්තාව නගරාධිතිනිය වෙත ඉදිරිපත් කර ඇති අතර එය පසුගියදා පැවති කොළඹ මහ නගර සභා විශේෂ මහා සභාවකදී සාකච්ඡාවට ගනු ලැබිණ.

