(මහින්ද නිශ්ශංක )
මීනගයා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය අද(20) පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබූ කොළඹ-මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය දහවල් 12 ට පමණ යථාතත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
හබරණ හා හතරැස් කොටුව අතරදී වන අලියෙකු දුම්රියේ ගැටීම හේතුවෙන් දුම්රියේ එන්ජිම පීලි පැනීමෙන් මාර්ගයේ දුම්රිය ධාවනය ඇනහිට තිබුණි.