(ජයන්ත සමරකෝන්)
කොළඹ මහ නගර සභා සීමාව තුළ එක්රැස්වන කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනය වෙත ප්‍රවාහනය කිරීම සඳහා දිනකට ලක්ෂ 40 ක් වැය කෙරෙන යෝජනාව තවත් මාස 6 කට දිර්ඝ කිරීම සඳහා අනුමැතිය අද (30) හිමිවිය.
කොළඹ නගරයේ දිනපතා එකතුවන කසළ මෙට්ට්‍රික් ටොන් 600 ක් ටිපර් රථ 40 කින් ප්‍රවාහනය කිරීම ඉකුත් ජුලි 13 වැනිදා සිට ආරම්භ කර තිබුණි.
එම යෝජනාව ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පැවති මෙම ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 71 ක් ද විපක්ෂව ඡන්ද 16 ක් ද ලැබී තිබුණි.
ඊට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සහය හිමිවීමද විශේෂ සිදුවීමකි.

