කොළඹ අධිකරණ කලාපයේ සියලුම අධිකරණවල කටයුතු අත්හිටුවයි


 

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය අතුළු කොළඹ අධිකරණ කලාපයේ ඇති සියලුම අධිකරණ වල කටයුතු ඇඳිරි නීතීය ඉවත් කරන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇත.


‘කොවිඩ්-19’ හෙවත් ‘කොරෝනා’ වයිරසය පැතිරීමේ අවධානම් තත්වයක් හේතූවෙන් කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශයට ඇඳිරී නීතීය පැනවීම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.

මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට අමතරව වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචන මහාධිකරණය, පළාත් බද මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ වල කටයුතු ඇඳිරි නීතීය ඉවත් කරන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇත.

මේ අතර අතිශය හදිසි නඩු කටයුතක් සඳහා පමණක් එම නඩුව කැඳවන්නැයි නීතීඥවරුන් විසින් ඉදිරිපත් කරන කරුණු පිළිබඳ සළකා බැලීමට අධිකරණ නිලධාරීන් තීරණය කොට ඇත.

අදාළ නඩුවේ හදිසි තත්වය පිළිබඳ නීතීඥවරුන් විසින් අධිකරණ ලේඛාධිකාරීවරුන්ට දැනුම් දුන් පසු ඒ බව විනිසුරුවරුන්ට දැනුම් දී විනිසුරුවරුන්ගේ උපදෙස් මත කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අදාළ අධිකරණයන්හි දැන්වීම් ප්‍රදර්ශනය කොට ඇත.

ඇඳිරි නීතී තත්වය ඉවත් කරන තුරුම මේ තත්වය බලපැවැත්වෙන අතර මෙම දිනවලට නියමිත නඩු යළි කැඳවන දිනයන් අධිකරණ දැන්වීම් පුවරු වල දැන්වීම් පළකොට දැනුම් දීමට පියවර ගන්නා බවද වාර්තා වේ.