(ප්‍රසාද් රුක්මල් )
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් කළ මගියෙකු අද (9)උදෑසන බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසළදී දුම්රියෙන් බැසීමට යාමේදී ඇද වැටී බරපතළ තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල පූනාගල ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මොහු පොල්ගහවෙල ප්‍රදේශයේ සිට කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියට ගොඩ වී ඇති බව ඔහු සතුව තිබූ දුම්රිය ප්‍රවේශ පත අනුව සැකකරනබව පොලිසිය කියයි.
තැපැල් දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා ආපසු බදුල්ල බලා ධාවනය කිරීමේදී එක්වරම දුම්රියෙන් බැසීමට ගිය මගියා ඇද වැටී දුම්රියට හසුව ඇති බව පොලිසිය කියයි.
බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

