කොහොම ආවත් එකට තියලා පරද්දනවා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එකට ආවත් වෙනම ආවත්  ඔක්කොම එකට තබා පරද්දන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්  මන්ත්‍රී එස්.එම් මරිකාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පක්ෂ කැඩීම ඇරඹූයේ මහින්ද බව කී මරික්කාර් මහතා දැන් ඔවුන්ටම එය දිට්ඨධම්ම වේදනීය කර්මයක් බවට පත් වී තිබෙන බව සඳහන් කළේය.

ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය ණය ගැනීම සහ විකිණීම බව කී මරික්කාර්  මහතා ඊට  ආර්ථික ඔස්තාර්ලා විශේෂයෙන් අවශ්‍ය නොවන බව සඳහන් කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කරගෙන යම් ගොඩ වීමකට ආවත් මෙහෙම ණය ගන්න ගියොත් ආපහු රට කඩා වැටෙන බවද මරික්කාර් මහතා පැවසීය.