(සමන් පාලිත නානායක්කාර)
කොස්ලන්ද වන රක්ෂිතයට ගිනි තැබූ බව කියන පාසල් ළමුන් හය දෙනෙකු අද (2) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පරිවාස බාරයේ කැප්පෙටිපොළ ළමා නිවාසයට යොමු කරන ලෙස බණ්ඩාරවල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේය.
කොස්ලන්ද දියලුම වන රක්ෂිතයට ගිනි තැබීම සම්බන්ධයෙන් මෙම පාසල් ළමුන් හය දෙනා කොස්ලන්ද පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
වයස අවුරුදු 12 සහ15 වයසේ පසුවන කොස්ලන්ද වත්තේ පදිංචි පාසල් සිසුන් 6 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ගින්න හේතුවෙන් අක්කර 20 කට අධික කැලෑ රක්ෂිතය ඇතුළු වන වගාව විනාශ වූ බව පොලීසිය කියයි.
දියලුම නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසකට මොහු ගල් පෙරළා ඇති බවද එම සංචාරකයින් බේරී ඇති බව ද පොලීසිය කියයි.
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා හදබිම අධිකාරිය එක්ව මෙම රක්ෂිත ප්‍රදේශයේ ආරම්භ කර තිබූ වන වගාව ද ගින්නෙන් විනාශ වී තිබේ.

