කොස්තාපල් ලිඛිත පරික්ෂණය කල් යයි


(නිමන්ති රණසිංහ)

මැයි මස 08 වන දිනට නියමිතව තිබූ පොලිස් කොස්තාපල්වරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බ`දවා ගැනීමේ ලිඛිත පරීක්ෂණය, කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොළඹ, අනුරාධපුර, මහනුරව අම්පාර සහ ගාල්ල යන ප‍්‍රදේශවල මෙම ලිඛිත පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබු අතර, රටේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් එය කල් දැමුණු බව ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදාළ අයදුම්කරුවන් වෙත දැනුම් දී තිබුණද ඔවුන්ට යම් තොරතුරක් දැනගත යුතුව ඇත්නම්, දුරකතන අංක 0115811921 සහ 0115811925 යන අංකවලට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව ද එහෙතම කියයි.