
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
යක්කල මහවිට අවන්හලක් ඉදිරිපිට සුප් පානය කරමින් සිටි තරුණ යුවකළට කඩු පහරදී ඔවුන්ගේ සුඛෝපභෝගී මෝටර් රථය පැහැරගත් බව කියන අපරාධ කල්ලි සාමාජිකයකු ඇතුළු අට දෙනකු සිද්ධියෙන් පැය කිහිපයක් ඇතුලත බටලීය මක්කඩිගොඩ ප්‍රදේශයේදී සොයා ගත් බව පොලිසිය කියයි.
වීරගුල, බෙම්මුල්ල හා පල්ලෙවෙල ඒකාබද්ධ පොලිස් කණ්ඩායම් සිදු කළ ක්ෂිණික මෙහෙයුමකදී මෙම පිරිස අත්අංගුවට ගෙන ඇත.
වාහන කොල්ලයට පැමිණි සැකකරුවන් ගමන් ගත් නවීන පන්නයේ වෑන් රථයක් සහ කොල්ලය මෙහෙයවූ බව කියන අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු සැකකරුවන් අට දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය .
කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිව සිටින ව්‍යාපාරික යුවළක් මහවිට ප්‍රදේශයේ සුප් වෙළඳසලක් අසල මෝටර් රිය නවතා සුප් පානය කිරීමට සූදානම් වී ඇතැයි ද ඒ අවස්ථාවේ දී වෑන් රථයක් ඉදිරියෙන් නතර කර කර ඉන් බැස පැමිණි තිදෙනකු මෙම යුවළට කඩුවකින් සහ කිණිස්සකින් පහර දී බිය ගන්වා මෝටර් රථය පැහැරගෙන ගොස් ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .
සැකකරුවන් රියදුරාගේ බිරිඳ සතුව තිබූ ජංගම දුරකථනය ද පොළොවේ ගසා පොඩි කර දමා ඇතැයි ද ඔවුන් එසේ කරන්නට ඇත්තේ වාහනයේ ජී.පී.එස්. තාක්ෂණය සම්බන්ධතා එම දුරකථනයට තිබූ නිසා විය හැකි යැයි ද පොලිසිය සැක කරයි .
කෙසේ වෙතත් තරුණයා වෙනත් දුරකථනයකටද ජී.පී .එස්. සම්බන්ධතා ලබාදී ඇති අතර ඔවුන් ඒ අනුසාරයෙන් පොලිසියටද දැනුම් දී පොලිස් කණ්ඩායම් සමඟ වාහනය තිබෙන ඉසව්ව කරා ගමන් කර ඇත

