කොල්ලකෑම්වලට සම්බන්ධ තරුණියක් ඇතුළු 5ක් මාට්ටු


 (එම්.සුසිල් පියන්ත)

ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ සොරකමේ යෙදුණු ,මත් කුඩු ජාවාරමේ සහ බරපතල පුද්ගල පහරදීම් ඇතුලු දරුණු අපරාධ රැසකටම සම්බන්ධ යැයි කියන හිටපු යුද හමුදා සෙබලෙක් ,තරුණියක් ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

ගිනි අවියක්,කඩුවක් ,කිනිස්සක්,සහ මත් කුඩු ,සොරකම් කරල ලද රන් භාණ්ඩ , යතුරු පැදියක්ද ඔවුන් සමඟ පොලිස්බාරයට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මේ සැකකරුවන් පස් දෙනා අතරින් හිටපු යුද හමුදා සෙබලා ඇල්පිටිය ප්‍රදේශයේ ඝාතනයක ප්‍රධාන සැකකරුවෙකු වන බවත්  යුද හමුදාවේ රාජකාරී කළ සමයේ සිදුවූ මේ ඝාතනයත් සමග වැඩ තහනම් කොට ඇති බවත් පොලීසිය කියයි.

සැකකරු තවත් පුද්ගලයකු සමග යතුරු පැදියකින් එමින් සිටියදී ඇල්පිටිය වල්අඹගල පදේශයේදී ඔහු ගමන් ගත් යතුරු පැදිය පරීක්ෂා කිරීමේදී යතුරු පැදියේ තිබී ගිනි අවියක්,කිනිස්සක් සහ ඔවුන් දෙදෙනාම ළග තිබී මත් කුඩු සමග සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.