කොරෝනා සටනට පුහුණු වෛද්‍යවරුන් හෙද හෙදියන් කැඳවයි


කොරෝනා වසංගත තත්ත්වය හමුවේ, සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බැවින්, පුහුණු වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ද සේවයට කැඳවීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ආසාදිතයන් දිනපතා ඉහළ යෑමත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමත් සැලකිල්ලට ගනිමින්, වෛද්‍ය හා හෙද සිසු සිසුවියන්ගේ විභාග කල් දමා, පුහුණු මට්ටමේ සිටින වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ද ‘කොවිඩ්-19’ මර්දන සටනට කැඳවීමට ඉන්දීය රජයට සිදුවී ඇත.

කොරෝනා වසංගතයට ගොදුරු වීමෙන් ඉන්දීය වෛදවරුන් 747 කි. පසුගිය අප්‍රේල් මාසයේ මියගිය වෛද්‍යවරුන් ගණන 34 කි. ඉන්දීය රෝහල් ආසාදිතයන්ගෙන් පිරී යද්දී, රෝහල් ඇඳන්, ඔක්සිජන් පමණක් නොව ඖෂධ හිඟයක් ද නිර්මාණය වී ඇත.

නවදිල්ලියේදීය (රොයිටර්)