
(නිමන්ති රණසිංහ)
ජුනි මාසයේදී කොරෝනා මරණ සීග‍්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සෙවීම සදහා විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ගෙවුණු මාසයේ කොවිඞ් මරණ වැඩිවීම බ්‍රිතාන්‍ය ඇල්ෆා කොවිඞ් ප‍්‍රභේදය මෙරට තුළින් හමුවීම ද එක් හේතුවක් වන බව ද ඔහු සදහන් කළේය.
රජය මෙතෙක් නිවේදනය කළ කොරෝනා මරණ අතරින් ඉකුත් ජුනි මාසයේදී පමණක් 1500 දෙනකුට අධික පිරිසක් මියගොස් ඇතැයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
අප්‍රේල් මාසයේදී කොවිඞ් මරණ 110ක් වාර්තා වූ අතර මැයි මාසයේදී එම ගණන 806ක් වූ බව ද එම මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව, ඉකුත් මාස තුන සසදා බැලීමේදී ජුනි මාසයේ පමණක් කොවිඞ් මරණ සීග‍්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් වන සුවිශේෂී හේතු සෙවීම ස`දහා මෙම විශේෂඥ කමිටුව පත්කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළේය.
මේ වන විට මෙරට තුළ වඩාත් වේගයෙන් පැතිරෙන ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය ද ආසාදිත වූවන් වාර්තා වී ඇති බවත්, ඉදිරියේදී ජනතාව වැඩි ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කළ යුතුව ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
මේ අතර නිවෙස් තුළ මියයන පුද්ගලයින්ගේ ඥාතියකු හෝ අසල්වැසියකු කොවිඞ් ආසාදිතයකු නොව්නම්, නිරෝධායන නිවෙසක් නොවේ නම් හෝ හුදෙකලා කර ඇති ප‍්‍රදේශයක් නොවේ නම්, එම මරණ කොවිඞ් ආසාදිත නොවන මරණ සේ සලකා ඥාතීන්ට මුදා හැරීමට අවසර ලබාදී ඇතැයි ඔහු සදහන් කළේය.
කෙසේ වෙතත් එසේ මුදා හරින මරණ පැය 24ක් තුළ අවසන් කටයුතු කළ යුතුව ඇති අතර එම මෘත ශරීර එම්බාම් නොකළ යුතු බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

