කොරෝනා එන්නත් කරණය ඉතා සාර්ථකව


කොරෝනා මර්දනය සඳහා සිදු කරන එන්නත් වැඩසටහන බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී ඉතා සාර්ථකව  දිනවල සිදු කරන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙ මෙහෙයවීමෙන් බදුවතුගොඩ සෞඛ්‍ය වෛද්‍ය ප්‍රාදේශීය කාර්යාල එන්නත් කරන එක් වැඩසටහන්ක් පැවැති අතර පහල ඉඹුල්ගොඩ ශ්‍රී විජයවර්ධනාරාම මහා විහාරයේ  එන්නත් ලබාදීමෙ වැඩසටහන  සාර්ථකව පැවැත්විණි.

ප්‍රදේශයේ පැවති දැඩි අයහපත් කාලගුණය හෝ පනවා ඇති සංචරණ සීමා වලින් කිසිදු අවහිරයක් නොමැතිව ප්‍රදේශයේ විශාල ජනකායක් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව පැමිණ එන්නත් ලබා ගත්හ.

ගම්පහ නගර සභා සීමාවේ සෞඛ්‍ය මධ්‍යස්තානයකට කොරේනා එන්නත් ලබාගැනීමට පැමිණි පිරිස් (ඡායාරූප තිලකරත්න දිසානායක)

පහල ඉඹුල්ගොඩ ශ්‍රී විජයවර්ධනාරාම මහා විහාරයේ එන්නත් කරණය සිදු කළ අයුරු (ඡායාරූප ඉන්ද්‍ර රත්න බාලසූරිය)