කොම්පඤ්ඤවීදියට ගුවන් පාලම් දෙකක්


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ වැඩිම වාහන තදබදය පවතින ස්ථානය ලෙස හඳුනාගෙන ඇති කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ ගුවන් පාලම් දෙකක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ ඇති උත්තරානන්ද මාවතේ මීටර 420ක දිගින් හා විනිසුරු අක්බාර් මාවතේ මීටර 350ක දිගින් යුතු ගුවන් පාලම් දෙකක් ඉදිකිරීමට අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය.

මේ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 6ක් බවද ඇමතිවරයා කීවේය.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.