කොපමණ කීවත් තවත් පිරිසක් නිරෝධායන නීති කඩයි


(ඉන්දිකා රාමනායක)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 282 ක් ගතවු පැය 24 තුළ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතරින් අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ උතුර , කුලියාපිටිය , මාතලේ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ය

මෙම පිරිස මුහුණු ආවරණය ආවරණ පැළඳීම සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම යන කරුණු මත අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ අතර හැඳුනුම්පත් අංක ක්‍රියාවලිය උල්ලංඝනය කළ පුද්ගලයන් 1596 දෙනකුට අවවාද කර හරවා යැවු බව ද අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

පළාත් අතර සංචරණ සීමා පණවා තිබියදී එය උල්ලංඝනය කරමින් වෙනත් පළාත්වලට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයන් 425 දැඩි සේ අවවාද කර හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. පවසයි.

එම පිරිස වාහන 154 කින් කිසිදු හේතුවක නොමැති ව වෙනත් පළාත් වලට ඇතුළු වීමට උත්සාහ ගත් බව ද හෙතෙම කියයි.

මෙම පිරිසට ඊයේ දිනයේ අවවාද කර මුදා හැරියද ලබන සදුදා සිට මෙම නීති උල්ලංඝනය කරන සියලු දෙනාට නිරෝධායන නීතිය යටතේ ක්‍රියා කරන බව ද අජිත් රෝහණ මහතා පවසයි.