
(රංජන් කස්තුරි)
අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා වේරහැර පිහිටි ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩිසත්කාර සේවා පවත්වා ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව එම රෝහලේ දැඩිසත්කාර ඒකක 3ක හදිසි ප්‍රතිකාර ඇඳන් 24ක්, දැඩි සත්කාර ඇඳන් 12ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.
එම රෝහලට වෛද්‍යවරුන් 30ක් හෙදියන් 80ක් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 ක් කඩිනමින් අනුයුක්ත කිරීමටද කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිවරිය කීවාය.
කොවිඩ් ප්‍රතිකාර ශක්තිමත් කිරීම සඳහා වෛද්‍ය උපකරණ , ඖෂධ වර්ග කඩිනමින් ලබාදීමටද එම රෝහලේ කාර්ය මණ්ඩලයට ආරක්ෂිත නේසික හා ප්‍රවාහන පහසුකම් ලබාදීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

