කොටස් වෙළෙඳපොළ පසුබෑමක්


(යොහාන් භාසුර)

මාර්තු මාසයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පළමු ගනුදෙනු දිනය වූ අද (3) එහි මිල දර්ශකවල විශාල පසුබෑමක් ප්‍රදර්ශනය කළේය.

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (3) දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 311.37 කින් සහ එස්.ඇන්ඩ්පී. 20 දර්ශකය ඒකක 103.9.කින් පහළ ගිය බවත් දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකට ඒකක 16,167.30 ක් ලෙෂ සහ එස්.ඇන්ඩ්පී. 20 දර්ශකය ඒකක 4,827.21 ක් ලෙස සටහන් වූ බවත් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රුපියල් බිලියන 1.52 ක් හෙවත් කෝටි 152 ක පිරිවැටුමක් වාර්තා වූ බත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.