කොග්ගල්ල නිවෙසකින් කුඩු කිලෝ 25 ක් අල්ලයි


(ඉන්දිකා  රාමනායක, යොහාන් භාසුර සහ සනත් ගමගේ)

අම්බලන්තොට කොග්ගල්ල  ප්‍රෙද්ශයේ නිවසක වී ගෝනි අස්සේ තිබී හෙරොයින් කිලෝ 25 ක් සමග සැකකරුවෙකු හා සැකකාරියකු අද (3) අත්අඩංගුවට ගත්බව  අම්බලන්තොට පොලිසිය කියයි.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 30 ක් පමණ වන බව පොලිසිය කියයි.

අම්බලන්තොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව    විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර  හොරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි