(මනෝප‍්‍රිය ගුණසේකර)
කොහුවල ප‍්‍රදේශයේ කොකේන් මත්ද්‍රව්‍ය බේදා හරිනු ලැබු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(17) මරණ දඬුවම නියම කළේය.
මත්ද්‍රව්‍ය නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි දැඩි දඬුවම් නියම කරන බව විත්තිකරුට දඬුවම් නියම කරමින් විනිසුරවරයා සඳහන් කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කොහුවල ප‍්‍රදේශයේ පදිංචි නලීන් ෂාරුක් කුලතුංග නමැත්තාටය.
මෙම විත්තිකරු සමඟම චෝදනා ලැබ සිටි අනෙක් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම විත්තිකරු නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.
2012 වසරේ කොහුවල ප‍්‍රදේශයේදී කොකේන් ග්‍රෑම් 62.06 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්දව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව කෙහුවල ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම විත්තිකරු පරීක්‍ෂාවට ලක් කොට ඇති බවත් ඒ අවස්ථාවේ විත්තිකරු සන්තකයේ තිබී කොකේන් සොයාගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණීය දඬුවම් නියම කළේය.