(දයාරත්න ඇඹෝගම)
නොච්චියාගම ප්‍රදේශයේ ස්ථාන දෙකකදි සිදුකළ වැටලිමකදි කේරළ ගංජා කිලෝ 28 යි ග්‍රැම් 300 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
මන්නාරම සිට යතුරු පැදියකින් කේරළ ගංජා කිලෝ දහ අටයි ග්‍රැම් දෙසියක් රැගෙන එමින් සිටියදි නොච්චියාගම රෝහල ආසන්නයේදි එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසිය.
මෙම පුද්ගලයා ගංජා රැගෙන විත් නොච්චියාගම නගරයේ පිහිටි තමන්ට අයිති ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි කරන වෙළද සැලේ තබාගෙන තොග වශයෙන් ගංජා අලෙවි කරන බවට තොරතුරැ අනාවරණයවි ඇති බවද පොලිසිය සදහන් කළේය.
අනෙක් පුද්ගලයා ගංජා කිලෝ දහයයි ග්‍රැම් සීයක් සමග නොච්චියාගම කදුවැව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබුණි.
වයස අවුරුදු 46 ත් 56 අතර වියේ පසුවන සැකකරුවන් දෙදෙනා නොච්චියාගම ප්‍රදේශයේම පදිංකරුවන් බව පොලිසිය කියයි.
සැකකරැවන් හා අත්අඩංගුවට ගනු ලැබු ගංජා වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා නොච්චියාගම පොලිසියට භාරදි තිබේ.