
( දිල්රුක්ෂි ග්‍රේරු )
පාතාල සාමාජිකයකු වන කෙසෙල්වත්ත දිනුක නැමැත්තාගේ, ගෝලයකුගේ සමීපතමයෙක් කේරළ ගංජා, අයිස්, හෙරොයින් සමඟ උස්වැටකෙයියාවේදී අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.
කේරළගංජා කිලෝ 2 ග්‍රෑම් 500 , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් ,හෙරොයින් ග්‍රෑම් 40 ක් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවටපත් සැකකරු කෙසෙල්වත්ත දිනුක නැමති පාතාල සාමාජිකයාගේ ගෝලයකු වන අස්වර් නැමැත්තාගේ සහකරුවකු බවට වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවි ඇති අතර පමුණුගම පොලීසියට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ

