
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර උතුර පොලිස් වසමේ කෙසෙල්වත්ත පොදු වෙළඳ සංකීර්ණය අද (27 ) තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පානදුර උතුර පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික ගිනිගේ මහතා පැවසීය.
පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයෙන් මාළු රැගෙන විත් එම වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් අනෙකුත් ව්‍යාපාරිකයන්ගේ සහ සමාජයේ යහපත උදෙසා මෙම පියවර ගෙන ඇත .
කෙසෙල්වත්ත පොලිස් වසමෙන් කොරෝනා ආසාදිත රෝගීන් 8 දෙනකු මේ වන විට වාර්තා වී ඇත.

