කෘෂි ඇමති ’’ කොපියා’’ හමු වෙයි


(අංජුල මහික වීරරත්න)

කොපියා (KOPIA) ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Park Pyung – Sik මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී  පැවැත්විණි. ‍

කොරියානු ග්‍රාමීය සමාජ සංවර්ධන අමාත්‍යාංශය මඟින් පවත්වාගෙන යන කොපියා (KOPIA) මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ මෙතෙක් ආරම්භ කර ඇති ව්‍යාපෘති අතර දෙමුහුන් තක්කාලි බීජ නිෂ්පාදනය මිරිස් දෙමුහුන් බීජ නිෂ්පාදනය  ප්‍රධානය.

කොපියා මඟින් රටවල් 23 ක් පුරා මෙවැනි ව්‍යාපෘතීන් ඇති කරමින් පවත්වාගෙන යමින් පවතී. මෙහිදී අදහස් දක්වමින් කොපියා අධ්‍යක්ෂවරයා අමාත්‍යවරයාට දන්වා සිටියේ ඉදිරි වසර පහක කාලයට ව්‍යාපෘති පවත්වා ගෙන යාමට තීරණය කර ඇති බවයි.

රජයේ බීජ නිෂ්පාදනාගාරය වන පැල්වෙහෙ‍ර බීජ ආයතනය සමඟ සම්බන්ධ වීමටත් ඒ හරහා පොලිටනල් (ආරක්ෂිත ගෘහ) නිර්මාණය කරමින් තෝරා ගත් විශේෂ ප්‍රදේශයන් තුළ ව්‍යාපෘතිය පවත්වාගෙන යාමටත් කොපියා සංවිධානය අදහස් කරයි.