කුවේණියගේ නැඟණිය සිටි මාළිගාවට අල්ලපු ඉඩමත් ඩෝසර් කරලා


(එච්. චන්දන)

කල්පිටිය - පල්ලිවාසල්තුරේ වේල්ලන්කර  ප්‍රදේශයේ  ගෙන්ගේ නොහොත් අල්ලිරාණි ආශ්‍රිතව කිසිදු අවසරයක් නොමැතිව  ඉඩම් ඩෝසර් කිරීම වහාම නවතා දමා ඇතැයි කල්පිටිය සහකාර ප්‍රාදේශීය ලේකම්  මධුෂිකා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.  ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

කුවේනිගේ නැගණියක් වාසය කළ බව කියන මාළිගාව පිහිටා තිබූ බවට සැලකෙන මෙම භූමිය පුරා විද්‍යා වටිනාකමකින් යුත්ත අල්ලිරාණි  බිම් ප්‍රදේශයට ඉතාම ආසන්නයේ පිහිටා තිබේ. මෙම ඉඩම ඩෝසර් කිරීම පිළිබදව ලැබුණු තොරතුරුක් මත එම ප්‍රදේශය පරීක්ෂා කර බලා එය නවතා දැමු බවද ප්‍රාාදේශීය ලේකම්වරිය සඳහන් කළාය.

එය ඩෝසර් කරමින් සිටි බැකෝ යන්ත්‍රෙය් රියදුරු හා එම ඉඩම ඩෝසර් කිරීමට අනුබල දුන් අසල ඉඩමේ භාරකරු පිළිබඳව කල්පිටිය පොලීසයට පැමිණිලි කර තිබේ.

විවිධ පුද්ගලයින්  නොයෙක් අවස්ථාවල   විවිධ ලිපි කූට ලේඛන සකස් කරමින් පුරා විද්‍යා වටිනාකමකින් යුත් මෙම ස්ථාන වගා කිරීම් මුවාවෙන් විනාශ කිරීමට උත්සහා දැරීම් වාර්තා වී ඇති බවද  කල්පිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් වරිය වැඩි දුරටත් සදහන් කළාය.