(ටී. කේ. ජී. කපිල)
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී තම හාම්පුතුන්ගේ පහරදීම්, වැටුප් නොලැබීම් සහ විවිධ හිරිහැරවලට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57 දෙනෙකු අද(29) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
ඔවුන් අද උදෑසන 6.30 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්- 230 දරන ගුවන් යානයෙන් පෙර දැනුම් දීමකින් තොරව කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි මෙම කාන්තාවන්, කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණීමෙන් පසු, කුවේට් පොලීසිය මගින් පරීක්ෂණ පවත්වා, තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙසේ එවා තිබුණි.
මෙම පිරිස අතරින් කාන්තාවන් 7 දෙනෙකු රෝගී තත්වයේ පසු වූ අතර, එයිනුත් තිදෙනක් දැඩි ලෙස ගිලන්ව සිටිති. එක් කාන්තාවක් තම හාම්පුතාගේ පහරකෑමට ලක්ව, ඇවිද යාමට නොහැකිව රෝද පුටුවක ආධාරයෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය. මෙම පිරිස අතර සිටි තවත් කාන්තාවක, දෑස් අන්ධව කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

